velai-illa-pattathari-2

Velaiilla Pattadhari 2 (2017) With Sinhala Subtitle – රැකියාවක් නැති උපාධිදාරියා 2 | සිංහල උපසිරසි

Velaiilla Pattadhari 2 (2017) With Sinhala Subtitle – රැකියාවක් නැති උපාධිදාරියා 2 | සිංහල උපසිරසි

velai illa pattathari 2 sinhala Subtitle

Velaiilla Pattadhari 2

මේ චිත්‍රපටය 2017 වර්ෂයේ ඉන්දියාවේ තිරගතවූ දමිල භාෂාවට අයත් චිත්‍රපටයක් . චිත්‍රපටය අද්‍යක්ෂනය සහ තිර රචනය දෙකම කරල තියෙන්නේ සවුන්දර්යා රජිනිකාන්ත් . ඒ වගේම මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙනුවෙන් රංගනයෙන් දායක වන්නේ ධනුෂ් ඔහු තමයි මේ චිත්‍රපටයේ කතාව ලියන්නේ. සිනමාව තුල විවිද හැකියාවන් වලින් සමන්විත පුද්ගලයෙක් මොහු දක්ෂ රංගන නළුවෙක් ඒ වගේම චිත්‍රපට නිෂ්පාදක වරයෙක් ,චිත්‍රපට අද්යක්ෂක වරයෙක් ,තිර රචකයෙක් ,ගායකයෙක් . මේ සෑම හැකියාවන් තුලින් ඔහු පෙන්වන්නේ සිනමාව තුල ඔහුගේ පරිපූර්ණත්වය .

රංගන ශිල්පියෝ වගේම වර්තමාන සිනමාව තුල බොහොම අඩුවෙන් දකින්න ලැබෙන දක්ෂ රංගන ශිල්පිනියකුත් මේ චිත්‍රපටයේ දැකගන්න ලැබෙනවා. ඒ තමයි ඉතින් අපි කවුරුත් ඉස්සර ඉදන් දන්නා කියන චරිතයක් වන කාජල් ඇයත් මේහි ප්‍රධාන චරිතයක් හොබවන්නේ .

මේ චිත්‍රපටය වර්තමාන උගත් පුද්ගලයන්ට හොද අදහසක් ගෙනල්ල දෙනවා. ඒ වගේම උත්සහයෙන් කොහොමද ජයගන්නේ කියල දෙනවා. තමන්ගේ බුද්දිය කොහොමද පාවිච්චි කරන්නේ කියල දෙනවා .ඇත්තටම දනුෂ් හොද කතාවක් තමයි මේ ලියන්නේ . මොකද කියනවනම් අද අපේ රට ගත්ත විට උගත් පුද්ගලයා උපදියත් අරන් ගෙදරට වෙලා ඉන්නවා .නුගත් පුද්ගලයා ඉහල තැනකට ගිහින් බුද්දිය අඩු කමින් විකාර නටනවා .

දනුෂ් සහ කාජල් මේ දෙන්නා දක්ෂ අන්දමින් රංගනයේ යෙදෙනවා මේ චිත්‍රපට කතාව සම්පුර්ණයෙන් ගෙතෙන්නෙ ඉංජිනේරු විද්‍යාව හැදෑරු පුද්ගලයෙක් වටා. ඔහුට කොපමණ හැකියාවන් තිබුනත් කිසිම ආයතනයක් ඔහුගේ හැකියාවන් පිළිගන්නේ නෑ .අවසානෙදි ඔහු හුඟාක් අසරණ වෙනවා .හැබැයි ඔහු පරාද වෙන්නේ නෑ ඔහු අභියෝග බාරගන්නවා. බාරගගත්ත අභියෝග ජයගන්නවා . ගොඩක් ආදර්ශමත් චිත්‍රපටයක් තවත් විස්තර කරන්නේ නෑ . මේ චිත්‍රපටය හැමෝම බලන්න .

ඩවුන්ලෝඩ් කරන්න

Leave a comment