jumanji-welcome-to-the-jungle-2017

Jumanji Welcome To The Jungle (2017) With Sinhala Subtitle | ශාපලත් භුමිය -සිංහල උපසිරැසි

Jumanji Welcome To The Jungle (2017) With Sinhala Subtitle | ශාපලත් භුමිය

Jumanji Welcome To The Jungle 2017

Jumanji Welcome To The Jungle 2017

2017 වසරේ ඇමරිකාවේ නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය ත්‍රාසජනක සහ කොමඩි ගණයට අයත් වෙන චිත්‍රපටයක්. චිත්‍රපටය අද්‍යක්ෂනය කරන්නේ Jake Kasdan. ඒ වගේම චිත්‍රපටයේ ප්‍රදාන චරිත නිරුපනය කරන්නේ Dwayne Johnson, Jack Black, Kevin Hart, Karen Gillan, Nick Jonas, Bobby Cannavale. ඒ වගේම චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට නිකුත් වන්නේ 2017 දෙසැම්බර් මස 20 වන දින.

මිනිසා තමන්ගේ විනෝදය වෙනුවෙන් විවිද ක්‍රීඩාවන්ට පුරුදු වෙලා සිටිනවා . මේ ක්‍රීඩා අතරින් ඉලෙක්ට්‍රොනික උපකරණ හරහා කරන ක්‍රීඩාවන්ට තරුණ පිරිස ලොකු ඇල්මක් දක්වනවා. පමණක් උදවිය එදිනෙදා වැඩ කටයුතු පවා අතහැර මේ ක්‍රීඩාවන් වලට පුරුදු වෙලා.

ජුමන්ජි, මේක තමයි අද මන් හදුන්වාදෙන්න යන ක්‍රීඩාව. මේ ක්‍රීඩාව අනිකුත් ක්‍රීඩාවන්ට වඩා ගොඩාක් වෙනස්. තමන්ගේ ජිවිතේ පවා අනතුරේ වැටෙන්න පුළුවන් වෙනස්ම ගණයේ ඉලෙක්ට්‍රොනික ක්‍රීඩාවක්.

මේ ක්‍රීඩාවට ගොදුරුවෙන්නේ පාසල් යන වියේ පසුවන ළමයි කිහිප දෙනෙක්. ඔවුන් මේ ගේම් එකට ඇතුළු වූ සැනින් වෙනත් ලෝකයකට ඇදිල යනවා. මේ ගේම් එකෙන් එලියට් එන්න නම් ගේම් එක දිනන්නම වෙනවා.

එක් අයකුට ජිවිත 3ක් ලැබෙනවා ඒ කියන්නේ ඔවුන් මේ ඉන්න ලෝකයේදී ඔවුන්ට තුන් සැරයක් මැරිලා උපදින්න පුළුවන්. හැබැයි හතර සැරයක් මැරුනොත් ආයෙ කවදාවත් නැවත ජිවිතයක් ලබන්න බැහැ. ගේම් එක දිනන්නේ නැතුව මේ කිසිවකුටත් ඔවුන්ගේ ලෝකයට නැවත එන්නත් බැහැ.

මොවුන් දැන් සිටිනා ලෝකය එක්තරා මිනිසකු විසින් සිදුකල යම් ක්‍රියාවක් නිසා ශාපයකින් වැසිලා තියෙන්නේ. මේ ශාපය තුරන් කරලා නැවතත් පෙර පරිදි මේ ලෝකය සකස් කිරීම තමයි ක්‍රීඩකයන්ට ලැබෙන ක්‍රියාකර කම වෙන්නේ.

හැබැයි ඉතින් මේක එච්චර ලේසි පහසු වැඩක් නම් නෙමෙයි මොකද විශාල කරදර වලට මුහුණ දෙන්න වෙනවා. මොකද එහෙම කියනේ විශාල සත්වයින් ඉන්නවා මිනි කන කිඹුලන් ඉන්නවා මොවුන්ගෙන් පරිස්සම් වෙන්න වෙනවා ඒ වගේම සතුරු හමුදාවක් ඉන්නවා ඔවුන්ගේ අතේ අවි ආයුද තියෙනවා. ඉතින් මේ ගේම් එකෙන් දිනනවා කියන එක නම් ලේසි වෙන්නේ නෑ.

මේ චිත්‍රපටය විනාඩි 119ක් පුරා ප්‍රේක්ෂක රසාස්වාදය ගෙන එනවා. චිත්‍රපටය නිෂ්පාදනය කරන්න ඇමරිකානු ඩොලර් මිලියන 90-110 ත් අතර මුදලක් වියදම් වෙලා තියෙන්නේ. ආදායම ගත් විට මේ වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 961.7 ක විශිෂ්ට බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගෙන තියෙනවා.

ඉතින් මේ ශාපලත් භුමිය බේරාගෙන මේ ළමයින්ට නැවතත් ඔවුගේ මවු බිම කරා ඒමට පුළුවන් වේවිද. එක ඉතින් හරියට කියන්න අමාරුයි මොකද මේ සෙල්ලම වෙනස්ම තාලයේ සෙල්ලමක් නිසා. එහෙනම් හැමෝම මේක බලන්න. සිනහව සතුට විනෝදය අතර ත්‍රාසජන අත්දැකීම් පවා විදගන්න පුළුවන් චිත්‍රපටයක්.

ඩවුන්ලෝඩ් කරන්න

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s